ජුනි 12දා මාතර රැලිය තීරණාත්මක දිනයක් – ඩලස් අලහප්පෙරුම

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවමාන තර්ජන කරමින් පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාව ඉවත් කර නොගන්නේ නම් විසිවැනි සංශෝධනයට සහාය නොදෙන බව යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර දෙවිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි ඒ මහතා එසේ පැවසුවේ 12දා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “මහින්ද සමග නැගිටිමු” ජන රැලිය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ සංවිධාන කටයුතු සඳහා පවතී රැස්වීමක දීය.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා තවදුරටත් මෙසේ කරුනු පැහැදිලි කලාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් 112 සමග ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බියටත්, තැතිගැන්මටත් පත්ව සිටිනවා. එය ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා ඔහු නොයෙකුත් උපාය උපක්‍රම යොදනවා. විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරුන්ට හොර රහසේ දුරකථනයෙන් කතාකර දිවුරුම් පෙත්සමක් දී එම අත්සන් ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට දෝශාභියෝගයක් ඉදිරිපත් වුණු වෙලාවේ ඔහු ක්‍රියා කළෙත් මෙලෙසමයි. සනත් ජයසූරිය මන්ත්‍රීතුමත් විශ්වාසභංගයට අත්සන් කර තිබෙනවා. ඒ රට වෙනුවෙන් සිතා විය යුතුයි. මා හිතන්නේ අත්සන් කළ කිසිම මන්ත්‍රීවරයෙක් තමන්ගේ අත්සන් ඉවත්කර ගැනීමට සූදානම් වන එකක් නෑ. ඊට අමතරව දෙවැනි සැලසුම ලෙස පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට යෝජනා කර තිබෙනවා. එවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇති සියලුම යෝජනා ඉවත් කරගැනීමට සිදුවනවා.

මෙම විශ්වාසභංග යෝජනාවට තිස්ස විතාරණ, ඩියු ගුණසේකර, ඩග්ලස් දේවානන්ද වැනි පක්ෂ නායකයන් සහ දැනට සිරගතව සිටින බැසිල් රාජපක්ෂ, ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් අත්සන් කළේ නෑ. විශ්වාසභංග යෝජනාවට ජවිපෙ මන්ත්‍රීවරුනුත් පෙරටුගාමී පක්ෂයේ මන්ත්‍රීවරයාත් සහාය දෙන බව පවසා තිබෙනවා. කොළපාට කමිසකාරයන් කිහිප දෙනකුත් එයට සහාය දේවි. එනිසා විශ්වාසභංගයෙන් අගමැතිවරයාට ඉවත්වීමට සිදුවෙනවා.

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අගමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනා තුනක් ඉදිරිපත් වී තිබෙනවා. පළමු යෝජනාව ඉදිරිපත් කළේ එක මන්ත්‍රී අත්සනකින් යුතුව සුන්දරලිංගම් මහතායි. 1975දී මන්ත්‍රීවරු 17 අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒ අනුව මන්ත්‍රීවරු 112 අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඉතිහාසගත වෙනවා. විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වන්නේ නැහැ. එජනිස යේ පළපුරුදු අගමැතිවරු දෙදෙනෙක් සිටිනවා. රත්නසිරි වික්‍රමනායක මහතා, දි.මු. ජයරත්න මහතා හරි නැත්නම් නිමල් සිරිපාල ද සිල්වා මහතා හරි අගමැති කර විසිවැනි සංශෝධනය සම්මත කරගත හැකියි.

ජුනි 12දා මේ රටට තීරණාත්මක දිනයක්. යහපාලන ආණ්ඩුවට එදාට දින 150ක් පිරෙනවා. මාතර රැලියට එජනිස මන්ත්‍රීවරු 75ක් එක්වෙනවා. දිනේෂ්, විමල්, වාසු, උදය යන පක්ෂ නායකයන්ට අමතරව ලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර, ඩග්ලස් දේවානන්ද, අතාවුල්ලා වැනි එජනිස නායකයන් මෙම රැස්වීම අමතනවා. මෙම රැස්වීම පැවැත්වීමට යහපාලන ආණ්ඩුව නොයෙකුත් බාධා සිදු කරාවි. එය නොතකා මෙම රැස්වීමට සහභාගි වන ලෙස දකුණේ ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

දකුණු පළාත් සභා මන්ත්‍රී කංචන විජේසේකර මහතාද මෙහිදී අදහස් දැක්වීය. මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර යන හිටපු අමාත්‍යවරුද දකුණු පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ, මන්ත්‍රී අරුණ ගුණරත්න යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top