ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය.
රජයේ ආයතන පිළිබඳ මූලික කරුණු 7ක් සම්බන්ධයෙන් පැමිණිලි කළ ඔවුන් ලේකම් වරයාට පවසා ඇත්තේ අපරාධ විධි විධාන සංග්‍රහය හා පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවා ඇති බව සහ එය තුලින් සිදු වන අසාධාරණ ක්‍රියා ගැනය.
එය ඉතා සියුම් ලෙස ක්‍රියාකරන දේශපාලන උපකරණයක් බවත් එය අගමැතිගේ අනුබලය යටතේ ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමට යොදා ගන්නා බව ඔවුන්ගේ සංදේශයේන තව දුරටත් පනවා දී ඇත.

310416_JOinGeniva‘‘එෆ්සීඅයිඩිය දැනට මන්ත්‍රීවරුන් 29 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇති බවත්, එෆ්සීඅයිඩියේ එක් අරමුණක් වනුයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් ආණ්ඩුවට බඳවා ගැනීම සඳහා බිය වැද්දීම බවත්, ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි කරතියි ද විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීමේදී ඔවුන් නොසලකා හැර ඇතැයි ද පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් නියෝජනයක් ලබා නොදෙන බවද, රටේ වැදගත් ප්‍රශ්න වලදී රජය ප්‍රශ්න කරන මන්ත්‍රීන් හෑල්ලුවට පත් කරමින් උත්තර දෙන බවත්, කඩිනම් පිළිතුරු දීමට නියමිත ප්‍රශ්න වලට මාස ගණන් කල් ගන්නා බවත්, මෙම කරුණු කාරණා නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අගයට හා සම්ප්‍රදායට හානි සිදුවන බව ඔවුන් පැමිණිල්ලේ සඳහන් කර ඇත. තව දුරටත් කරුණු විස්තර කරමින් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කාලය දීමේදී හා කමිටුවලට මන්ත්‍රීන් තෝරා ගැනීමේදී අදාළ දේශපාලන පක්ෂවල මන්ත්‍රී ප්‍රමාණය සැලකිල්ලට ගත යුතු බව සහ ඒ අනුව ක්‍රියා කළ යුතු බවය. මෙම නින්දා සහගත තත්ත්වය වහා නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා බලධරයනට බලපෑම් කරන්නැයි අප ඉල්ලා සිටිනවා යැයි පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු සංගමයට බාරදුන් පිටු 4 කින් යුත් ලිපියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සී.බී.රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල යන අය අත්සන් තබා ඇත.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top