ජානිපෙ සෙයිඩ් අල් හුසේන් ට දැඩි විරෝධයක් දක්වයි (චායරුප හා වීඩියෝ)

අද (6) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් මහතා කුමරු ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණීම හේතුකොටගෙන ජාතික නිදහස් පෙරමුණ විසින් එතුමාගේ පැමිණිමට විරෝධය පළ කරමින් ජාතික විරෝධතා ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ දී ආරම්භ කෙරිණි.

මානව හිමිකම් කොමසාරිස් පැමිණෙන්නේ යුධ අපරාධ අධිකරණය පිහිටුවීමට බව විරෝධතා කරුවන් පවසයි. ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය සභාපතිවරු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර, ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්වරු වන පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස, පළාත් සභා මන්ත‍්‍රි නිමල් පේ‍්‍රමවංශ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සමන්සිරි හේරත්, නීතිඥ කපිල ගමගේ, දේශපාලන මණ්ඩල සභිකයෝ වන පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ශාන්ත ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිරෝෂන් පේ‍්‍රමරත්න, පළාත් සභා මන්ත‍්‍රි ජයන්ත විජේසේකර, පළාත් සභා මන්ත‍්‍රි දීපාල් ගුණසේකර යන මහත්වරු ඇතුළු සියලූ පක්ෂ නායකයෝ ද එක්ව සිටියහ.

විරෝධතා කරුවන් ලිප්ටන් වටරවුමේ සිට පා ගමනින් තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීනගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පල කළ අතර එක්සත් ජාතීන්ගේ කාර්යයාලයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනාවක් මත දිවයිනට පැමිණ සිටින සෙයිද් අල් හුසේන් කුමරුගේ දින හතරක් මෙරටේ ගත කරන අතර ඔහු මහනුවර, තිකුණාමලය, යාපනය යන පෙදෙස්හි සංචාරයක නිරතවීමටත් ජනාධිපති, අගමැති, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම රජයේ නිලධාරීන් හමුවීමටත් ආගමික නායකවරුන්, සිවිල් සමාජ සාමාජිකයන් සහ කොමිෂන් සභා සාමාජිනයෝ ද හමුවීමට නියමික බව මානව හිමිකම් කාර්යාලය සඳහන් කරයි.

WimalAganistAlHussain WimalAganistAlHussain_3 WimalAganistAlHussain_2

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top