“ජාතික ආරක්‍ෂාව බරපතළ අර්බුදයකට පත්වෙලා” – ආචාර්ය දයාන් ජයතිලක

ඊයේ (4) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය සහ උගත් විද්වතුන් ගේ සමුළුවක සහභාගී වෙමින් දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කර සිටියේ පවතින රජයේ පාර්ශ්වකරුවන් මේ දක්වා කර ඇති ප්‍රකාශ අනුව රටේ ජාතික ආරක්ෂා ව බරපතළ අර්බුදයකට පත්ව තිබෙන බවයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මත දිනකදී මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ සාමාන්‍ය සෙබළුන් සම්බන්ධයෙන් ඇති චෝදනාවලට වඩා හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීමට විශේෂ අධිකරණයක්‌ පිහිටුවීම කඩිනමින් සිදුවන බවය. ඊට අමතරව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ සියලු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවය.

මේ ප්‍රකාශයන් දෙක අනුව රජය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස්‌ කරන අතරම හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැලසුමක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලි බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා එහිදී “අද රට පත්ව තිබෙන අනාරක්ෂිදත පසුබිම මෙරටේ විද්වතුන්ගේ අවධානයට යොමු වෙන්න ඕනේ. බලලෝභී දේශපාලන අවස්‌ථාවාදීන් රට අනතුරකට පත්ව ඇති අවස්‌ථාවේ විද්වතුන් ඒ සම්බන්ධයෙන් උනන්දු වී රට ආරක්ෂාා කර ගැනීමට පෙරමුණ ගැනීම රටට ආදරය කරන අයට සතුටු විය හැකි කාරණයක්‌” බව කීවාය.

විද්වත් සභාව විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුනි.

ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ සම්පුර්ණ දේශණය මෙතනින් අසන්න.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top