“ජාතික ආරක්ෂාවට ලබාදී ඇත්තේ අඩු ප්‍රමුඛතාවයක් ” – ගෝඨාභය රාජපක්‍ෂ (වීඩියෝ සහිතයි)

වත්මන් රජය මේ රටේ සංවර්ධන ක්‍රියාවලියන් සඳහා තීරණ ගැනීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ අඩු ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරන ව්‍යාපාරය දියත් කිරීමට බත්තරමුල්ල “අපේ ගම” දී පැවැති උත්සවයක දී අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ “අපි රට තුළ ආරක්ෂක ස්ථාවර කරන විට, අපි යුද්ධය උන්මන්තකයන් ලෙස චෝදනා එල්ල කළා, නමුත් දැන් අපට පැහැදිලිව දැකගත හැකියි ජාතික ආරක්ෂාව මෙම කෙටි කාලය තුළ පිරිහී ආකාරය”
“සමහර මිනිසුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියෙකු ලෙස චෝදනා කළා නමුත් එය එසේ වූයේ නම් ඔහු තවමත් ජනාධිපති වනු අතර මම තවමත් ආරක්ෂක ලේකම්” යන්නයි.

ගෝඨාභය තවදුරටත් පැවසුවේ පසුගිය රජයේ ඔවුන් සමඟ සිටි සමහර අය වැරදි සිදු කළ බවත්, සිද්ධීන් සිය ආන්ඩුවේ බිඳ වැටීම හේතු වූ බවයි.

“මහින්ද රාජපක්ෂ මහතා වැරදි සිදු කර ඇති අය හඳුනා ගෙන ඇති අතර අපි අතීත අත්දැකීම් මත පදනම් අපගේ වැරදි නිවැරදි කිරීමට සූදානම් “යයි ඔහු පැවසීය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ පසුගිය ජනවාරි 09 වන දින ඉවත් වූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ වැරදි ද නිවැරදි කරගෙන නැවත නැවුම් නායකයෙකු ලස අගෝස්තු 19 වන දින මෙරට බාරගැනීමට පැමිණීමට නියමිත බවය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කථාව නරඹන්න:

මුලාශ්‍රය: Daily Mirror

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top