ජර්මන් ට්‍රාන්ස්ෆෝමර් ලංකාවේදි කපුට් (Kaputt)

පසුගියදා බියගම හා කොටුගොඩ ඕපාත ග්‍රිඩ් උපපොළ දෙකේ ට්‍රාන්ස්ෆෝමර පිපිරීයාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජර්මනියේ විශේෂඥයන් පිරිසක් හෙට 21 දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.
ඒ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනියේ බැවින් එම ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කළ සමාගමේ විශේෂඥයන් දෙදෙනෙකු මෙලෙස පැමිනෙන බවය.

පසුගිය ඉරිදා දිනයේ බියගම විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමට ලක්වු අතර සිකුරාදා දිනයේ දී ජාඇල කටුගොඩ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් ද පිපිරීමට ලක් වු අතර මේ වනවිට විදුලි උපපොලවල් රැසකට හමුදා ආරක්ෂාව සපයා ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා රජයේ රස පරීක්ෂකට නියෝග කර ඇත්තේ කොටුගොඩ ඕපාත උප විදුලිපොළක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

ලබන 23 වන දින විදුලි ගැටළු පිළිබඳව පිළියම් සොයන ජනපති කැබිනට් අනුකමිටුවේ යෝජනා ඇතුළත් කඩිනම් වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදීමට නියමිත වන අතර විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලා පිටිය මහතා මාධ්‍යට පැවසුයේ සවිස්තරාත්මක කමිටු වාර්තාව මසක් ඇතුළත් ඉදිරිපත් කරන බවය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top