ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්විය යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතුරු තහනම් නියෝගය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවරුන්ගේ මතය විමසන්නේ නොමැති නම් ජනාධිපතිවරයා එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා පවසයි. වික්‍රමසිංහ මහතාගේ මතය අනුව ඔහු පෙන්වා දෙන්නේ එහි සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලයෙන් විමසිය යුතු බවයි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම නියෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලයේ මතය විමසීමට යාම මෙරට විනිසුරුවරුන්ට කරන තර්ජනයක් බව ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවාය.

පසුගිය 11 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් කියා සිටියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවය. එකී පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝබර් මස 06 වන දා එය විභාගයට ගැනීමට තීරණය කළාය. එමෙන්ම පෙත්සම විභාගයට ගැනෙන තුරු රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළාය.මේ අතර මිග් ප්‍රහාරක යානා හතරක් මිලට ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා පැය 6 ට වැඩි කාලයක් ප්‍රශ්න කර ඇත.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top