‘ජනසටන පාද යාත‍්‍රාව’ ගැඨඹේ විහාරය අසලින් ඇරඹේ

270716_mahindaහෙට ආරම්භ වන ජනසටන පාද යාත‍්‍රාවට සහභාගීවීමට අද (27) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග මහනුවරට පැමිණ එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් සිද්ධස්ථානවල ද ආගමික වතාවත්වල නිරත වී ඇත.

ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වටයක් ද අද රාත‍්‍රියේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේදී පැවැත්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට ද ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහභාගි වී ඇත.

ජන සටන පාද යාත‍්‍රාව ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්චා වී ඇති අතර හෙට උදෑසන ගැටඹේ විහාරස්ථානය අසලින් ප ගමන ආරම්භ කිරීමටද තීරණය වි ඇත.

හෙට (28) දිනය තුළ පා ගමන ගැඨඹේ විහාරය අසලින් ආරම්භ වී මාවනැල්ල දක්වා පැමිණ සිකුරාදා (29) මාවනැල්ලේ සිට නෙළුම්දෙණිය දක්වා පැමිණීමට නියමිතය. 30 වන සෙනසුරාදා නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව දක්වා පැමිණෙන පාද යාත‍්‍රාව 31 වනදා නිට්ටඹුව සිට කිරිබත්ගොඩ දක්වා පැමිණ, අගෝස්තු පළමු වන සඳුදා කිරිබත්ගොඩින් ගමන් අරඹා කොළඹට පැමිණ එදින සවස 3 ට කොළඹ නගරයේදී රැළියක්ද පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. සංවිධායකයෝ කලින් මුදල් ගෙවා වෙන්කරවා ගෙන ඇති හයිඞ් පිටිය නොලැබුණහොත් ගාලූමුවදොරට හෝ රැස්ව රැස්වීමක් පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26) ප‍්‍රකාශ කළාය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top