ජනපති සිරිසේනගේ ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවතලයි

පැරිස් නුවර සිට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) හදිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවිය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර චමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී සිටියාය.

එහිදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස හෝ ඊට එරෙහි නොවී, ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙසය.
මෙය නියෝගයක් නොව ඉල්ලීමක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

සාකච්ඡාවට සහභාගි වීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍යට ප්‍රකාශ කලේ විපක්ෂ කණ්ඩායම ස්ථිර ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.
මේ ගැන තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුයේ මෙම අයවැය ආර්ථික විද්‍යානුකූලව නොගැලපෙන අයවැයක් බවත් ඒ නිසාවෙන් එතුමා අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකඟ විය නොහැකි බව රැස්වීමට සහභාගී වූ ඩලස් අලහප්පෙරුම සහ ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද ප්‍රකාශ කලාය.

අද(02) පැවැත්වෙන අයවැය දෙවැනි වර ඡන්දය විමසීම සඳහා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී නොවන බව හිටපු ජනපති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍යට දන්වා ඇත. හිටපු ජනාධිපතිතුමා මෙවර අය වැය පිළිබඳව තම අදහස් නොවැ. 28 වැනිදා අභයාරාමයේදී ප්‍රකාශ කර මාධ්‍ය නිවේදනයක් හරහා එය ප්‍රසිද්ධ කරන ලදි.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර මේ වනවිට පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර අතර ජනතා විමුක්ති පෙරමුණ ද මේ වන තුරු පවසා ඇත්තේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සිය පක්ෂය මේ වනවිට තීරණය කර ඇති බවයි.

රැස්වීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කල මන්ත්‍රීවරුන්ගේ හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකක් ලෙස කිසිසේත් ඉදිරියට ගමන් කළ නොහැකි බවයි. එම නිසා මාසිකව හමුවී පන නගින ගැටළු සාකච්ඡා කළ යුතු බවය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top