ගෝඨාභය සක්‍රිය දේශපාලනයට එන්නේ නැහැ (වීඩියෝ සහ කතෘ සටහන සමගින්)

ඊයේ (ජුනි 13වැනිදා) සවස පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරයේ බෝධි පූජා පිංකමට සහභාගිවීමෙන් පසු පන්සල වෙත පැමිණ සිටි මාධ්‍යවේදීන් අසු ප්‍රශ්ණ වලට තම අදහස් දක්වමින් හිටපු ආරක්‍ෂක ලේකම්තුමා පැහැදිලිවම කියා සිටියේ තමා දේශපාලනයට නොඑන බවය.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ආරක්‍ෂක ලේකම් වරයාට ඉදිරිපත් කළ ප්‍රශ්ණ මෙසේය.

පිළිතුර: “විශේෂයෙන්ම මගේ රාජාකාරිය තුලදී මම සියලු දෙයක්ම කරේ මහාසංඝරත්නයේ ආශිර්වාදය ඇතිව කවුරුත් දන්නවා පසුගිය භීෂණ කාලයේදී, ත්‍රස්තවාදී සාමය තුලදී ගරුතර ස්වාමින්වහන්සේලා මුල්කරගෙන උන්වහන්සේලාගෙන් ලැබුණු උපදෙස් ආශිර්වාද මුල්කරගෙන තමයි අපි සටන ජයග්‍රහණය කලේ ඒ වගේම උන්වහන්සේලාගෙන් ලැබෙන ආශිර්වාදය සහ උපදේශ අගේ කොට සලකනවා”.

ප්‍රශ්ණය: ඔබතුමා විසින් බොදුබල සේනාව මෙහෙයවපු නිසා චන්දෙ පැරදුනා කියලා වාසුදේව නානායක්කාර කියලා තිබ්බ. ඒ ගැන යමක් කියන්න …

පිළිතුර: (සිනහාවෙමින්) ….‘‘ ස්වාමින් වහන්සේ කතාව පටන්ගත්තේ ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය කරන මිනිහෙක් නෙවෙයි කියලා.(සිනහාවෙමින්)

ප්‍රශ්ණය: අද රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව විශාල ගැටළුවක් තියෙන බව පැවසෙනවා ඒ පිළිබඳව ඔබගේ අදහස් …

පිළිතුර: “මම ආරක්ෂක ලේකම් වශයෙන් පත්වෙන වෙලාවේදී හොද ආරක්ෂාවක් මේ රටේ ඇති කරලා තමයි මම ඒ ස්ථාන‍යෙන් පිටත්ව ගියේ. යුද්ධය අවසාන කළා විතරක් නෙවෙයි අපි දන්නවා ඊට පසු තිබුණු අවුරුදු 5 ඇතුළත හොද ආරක්ෂක තත්ත්වයක් මේ රටේ සියලු දෙනාටම නිදහසේ සෑම කොටසකටම ජාතියකටම සෑම පළාතකම නිදහසේ ජීවත් වීමට පුළුවන් වාතාවරණයක් සකස් කරලා තිබුණා. ඉතින් ඒ තත්වය දිගටම පවත්වාගෙන යෑමට ඒ ගත්ත පියවර වල ඒ ආකාරයෙන්ම ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා”.

ප්‍රශ්ණය: දැන් තත්ත්වය ගැන ඔබතුමා සෑහීමකට පත්වෙනවද?

පිළිතුර: “දැන් ඉතිං මම දන්නේ නැහැ. මට බුද්ධි අංශ වාර්තා කරන්නේ නැහැනේ ” (සිනහාවෙමින්)

ප්‍රශ්ණය: දේශපාලනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර: (සිනහාවෙමින්) දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නම් නැහැ.

කතෘ සටහන:
කුරුඳු පොලු හමුදාවකට නෑ කම් කියන, බොරු සහ මඩ ප්‍රචාර කිරීමේ සහජ දක්ෂතාවයන් ඇති නිසා “ශ්‍රී ලංකා ගොබෙල්ස්” (Sri Lanka Gobbels) යන අන්වර්ථ නාමය ලද මාතර පළාතේ දේශපාලඥයාගේ කිට්ටු ඇසුරක් ඇති, එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකා නිව්ස් වෙබ් (lanka New Web) අඩවිය පසුගිය 12 වැනිදා ප්‍රකාශයට පත් කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ අගමැති අපේක්ෂකවරයා ලෙස නම් කිරීමට ජාතික හෙල උරුමය තුල වැඩ සටහනක් ක්‍රියාත්මක වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මෙම වෙබ් අඩවියට දැනගත් බවය.

“ශ්‍රී ලංකා ගොබෙල්ස්” දේශපාලඥයාගේ දේශපාලන අදහස් ජනතාව අතර දියත් කිරීමේදී සැමවිටම “පෙර ගමන්කරු” ලෙස ක්‍රියාත්මක වුයේ මෙම වෙබ් අඩවියයි.

ජන. 8වැනිදාත් කලින් සිදුවිය හැකි කුමන්ත්‍රණයක් ගැන වාර්තාක් බිහි කලේ මෙම වෙබ් අඩවියයි. නමුත් මාස 6ක් ගත වී ඇතත් චෝදනා හැරෙන්න මහජනතාවට පිළිගත හැකි කිසිම සාක්ෂියක් ඉදිරිපත් කිරීමට මෙම වෙබ් අඩවියට හැකි වී නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති වීම සඳහා ජාතික හෙල උරුමය සමග රහස් සාකච්ඡාවක් ක්‍රියාත්මක වනවා යැයි අසත්‍ය මඩ ප්‍රවෘත්තිය මෙම වෙබ් අඩවිය දියත් කරන්නේ “ශ්‍රී ලංකා ගොබෙල්ස්” දේශපාලඥයා ගේ “ෆෙඩරල් ක්‍රමය” ශ්‍රී ලංකාවට සුදුසුයි යන මතය ජනතාව තුල ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ මුල් අරමුණ ලෙසය. දෙවැනි අරමුණ වී ඇත්තේ රාජපක්‍ෂ හිතවාදී මාතර රැලියේ ජන ගඟ තුලින් බිහිව ඇති දේශප්‍රේමී මතය කෙසේ හෝ ව්‍යාකුල කිරීමය. දේශප්‍රේමීභාවයට වීවෘතව පෙනීසිටින රාජපක්‍ෂ පවුලේම කෙනෙකුම අසත්‍ය ප්‍රවෘත්තියකට පටලවා  අසත්‍ය, සත්‍යයක් ලෙස දැක්වීම “ගොබෙල්ස්” ගේ ක්‍රමයයි. තෙවැන්න වන්නේ මෑත කාලයේ ජනතාව අතර රාජපක්‍ෂ විරෝධී සහ මෛත්‍රි හිතවාදී පක්‍ෂයක් ලෙස සිටින ජාතික හෙල උරුමය “ෆෙඩරල් ක්‍රමයට” එරෙහි වියහැකි බැවින් ඔවුන් පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසය දෙදරවිමයි.

එහෙත් මෙම වෙබ් අඩවියේ අවාසනාවට බලාපොරොත්තු නොවූ මොහොතක ඊයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේශපාලනයට පිවිසීම සම්බන්දයෙන් මාධ්‍යට පැහැදිලි ප්‍රකාශයක් කලාය.

මෙම ප්‍රකාශයෙන් නිරුඋත්තර වූ ලංකා නිව්ස් වෙබ් ඩොට් කොම් (lankanewsweb.com) තමා කෙරෙහි පාඨකයින්ගේ විශ්වාසය රඳවා තබාගැනීමට අද කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්චා කර ඇත්තේ අගමැති ධුරය සඳහා නොව බන්ධනාගාරයේ සමූහ ඝාතන වාර්ථාවට බය වී ඇති නිසා බවයි.

මේ ලංකා නිව්ස් වෙබ් (lanka New Web) අඩවිය ගොබෙල්ස් ගේ ක්‍රමය යොදා ගන්න ප්‍රථම අවස්තාව නොවන්නේය.

ඒ නිසා ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ලෙස ලංකා නිව්ස් වෙබ් ඩොට් කොම් (lankanewsweb.com) හි පලවන ප්‍රවෘත්ති වල සත්‍යතාවය පිළිබඳව විශ්වාසය තැබීම හෝ නොතැබීම පාඨක ඔබ වෙත භාර කරමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යට දෙන පිළිතුරු නරඹන්න


වීඩියෝ මුලාශ්‍රය: අද දෙරණ රුපවාහිනි නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top