ගෝඨාභය රාජපක්‍ෂ ෆීල්ඩ් මාෂල් යුධ ඔස්තාර් ගේ තරු පටි ගලවයි (වීඩියෝ)

ඇවන්ගඩ් සහ රත්නා ලංකා සමාගම පිළිබඳව සිදුවී ඇති කියන දුෂණ හා වංචා පිළිබඳව කෙරෙන පරීක්ෂණ සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම අද හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ (24) අවසන් වරට කැඳවා තිබුණු අතර පැය 4ක් එයට සහභාගිවීමෙන් පසු එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඇසු ප්‍රශ්න වලට එතුමා මෙසේ පිළිතුරු දුන්නාය.

රුපවාහිණි නාලිකා දෙකක විකාශනය වූ පිළිතුරු සුළු වශයෙන් වෙනස් වුවත් අන්තර්ගතය එකම වේ.

ප්‍රශ්නය: සර් අද මොකද වුනේ … අවසන් වුනානේ?
පිළිතුර: ඔව් අද අවසන් වුනා. මං හැබැයි කිව්වා මාධ්‍යට කතා කරන්න ලැබෙන අවස්ථාව නැතිවෙනවා එක තමයි කනගාටු කියලා.

ප්‍රශ්නය: ඊට අමතරව මේ ෆීල්ඩ් මාෂල්තුමාගේ මෝටාර් ආටි ආදී සියල්ලම දැන් එනවා වගෙයි …
පිළිතුර: ඕක ගැන කථා කරන්න වෙනමම මාධ්‍ය සාකච්චාවක් තියන්න ඕන. මට එයාට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නෑ….. ඔන්න එයා කිව්වා මම කොහොමද රටේ යුද්ධ කරන්නේ කියලා. ඉස්සෙල්ලම අහන්න ඕනේ තමයි , දැන් එයා යුධ ඔස්තාර් හැටියටනේ පෙනී හිටින්නේ….. දැන් මේ ඔස්තාර්ගේ යුධ හමුදා මුලස්ථානය ඇතුලට අර කොටි ධෙනුව ඇවිල්ලා, ඇතුලටම ඇවිල්ලා ඔස්තාර්ට කෙලිනවා. ඉතිං ඔස්තාර්ට යුධ හමුදා මුලස්ථානය ආරක්‍ෂා කරන්න බැරිනං ජනතාව විස්වාස කරනවද මෙයාට යුද්ධෙ දිනන්න පුළුවන් කියලා? අපි කවදාකවත් මේ යුද්ධෙ කරපු අයට ගරහලා තිබුනේ නැහැ. නමුත් මේ වගේ කැත කථා කියනකොට මේ වගේ උත්තර දෙන්න වෙනවා.
ලෝකේ කිසිම හමුදා මුලස්ථානයකට පහර දීලා හමුදාපතිවරයාට ගහලා නැහැ. මේ විකාර. මෙයා කට වහගෙන ඉන්න ඕන.

“වැඩේ තියෙන්නේ මේකයි, චන්ද 2000ක් අරගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න පුලුවන්ද? බෑ නේ . එතකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙන්න බැරි පුද්ගලයා මන්ත්‍රීවරයෙක් කරලා කැබිනට් ඇමතිවරයෙක් කලාම එක කරපු පුද්ගලයා කියන කියන හැම දේම කරන්න ඕනේ නේ”.

“බුද්ධි අංශ කරපුවා, පොලිසිය කරපුවා, ගුවන් හමුදාව කරපුවා, නාවික හමුදාව කරපුවා නැත්නම් මේ යුද්ධේ අවසන් කරන්නට බැහැ. ඒ අයගෙන් එක හා සමාන විශාල සේවාවක් මේ රටට වුනා”.

“දැන් විදේශ ඇමති මංගල සමරවීර ගරු ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා මෙයා හොඳ සැල්වේෂන් ආමි එකට කියලා… දැන් නම් මට හිතෙනවා එක සීයට පන්සීයක් හරි කියලා. (සිනහවෙමින්)
ඒ එක්කම ජෝසප් මයිකල් පෙරේරා ඇමතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා …. අර ලසන්ත මැරුවේ …. මම එකටත් සීයට දාහක් එකඟ වෙනවා (සිනහවෙමින්)
ඊටත් එහා ගිහිල්ලා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා ලසන්ත මරණය සිදු කලේ සරත් ෆොන්සේකා කියලා. එකට සීයට පන්දාහක් එකඟ වෙන්ඩ වෙනවා.” (සිනහාවෙමින්)

පිළිතුර: අර විජේදාස ගරු ඇමතිතුමා කිව්වනේ අර මන්ද්බුද්ධිකයක් කියලා , එකට මට සීයට සීයක් එකඟ වෙන්න වෙනවා (හිරු නාලිකාවේ)
පිළිතුර: හැබැයි මේ මනුස්සයා කරපු ගොං වැඩ… මේ වගේ ගොං කථා කරන්න සුදුසු නැහැ. (හිරු නාලිකාවේ)

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පිළිතුරු

වීඩියෝ මුලාශ්‍ර: හිරු සහ දෙරණ රුපවාහිණි නාළිකාවන්

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top