ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට නොහැකියි ! – ශ්‍රේෂඨාධිකරණය

තමා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ශ්‍රේෂඨාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම නීතිඥයින් හරහා ගොනු කළ පෙත්සම අද (ජුනි 8 වැනිදා) ඊවා වනසුන්දර හා සරත් ද ආබෘෘ යන ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන් විභාගයට ගත අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මෝසමක් ඉදිරිපත් කර අධිකරණයේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ අදාළ තහනම් නියෝගය මගින් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත්තේ කවර පාර්ශවයන් වෙතද යන්න පැහැදිලි කරන ලෙසය.

එම තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාට, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ට පමණක් බව ශ්‍රේෂඨාධිකරණය අද දැනුම් දී තිබේ.

මිහින් ලංකා සමාගමට ගුවන් යානා නිදහස් කිරීම,පාවෙන අවි ගබඩාව, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ලංකා හොස්පිටල් ලිමිටඩ් කොටස් ගනුදෙනු ආදී පෙත්සමේ සම්බන්ධ චෝදනා හැර වෙනත් චෝදනාවන් ඇත්නම්, පෙත්සමේ වගඋත්තරකරුවන් හැර වෙනත් පාර්ශවයන්ට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

විනිසුරු ඊවා වනසුන්දර විවෘත අධිකරණ හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩු විභාගයට සහභාගිවීම නිසා වසර 34 වූ තම සේවා කාලය තුළ දැඩි අපහසුතාවයට පත්වූ බවය. තමන් විභාග කරන සෑම නඩුවක්ම එක හා සමාන බවත්, කිසිදු නඩුවක් විශේෂ නඩුවක් ලෙස නොසලකන බව පවසා ඇත.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top