“ගෝඨාභයව දඩයම් කරන්නේ ඩයස්පෝරා උවමනාවට” – ඩලස්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝ ප්‍රකාශය සමග

පවතින ආණ්ඩුවට හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දඩයම් කිරීමට දැඩි උවමනාවක් ඇති බව මේ රටේ ඕනෑම පුරවැසියකුට පෙනෙන දෙයක්’ බව ඒ්කාබද්ධ විපක්ෂය ඩලස් අලප්පෙරුම මහතා පවසයි.

ඒ්කාබද්ධ විපක්ෂය නියා්ජනය කරමින් පාර්ලිෙම්න්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (4) මාධ්‍ය අමතමින් චෝදනා කර සිටියේ රජය ඒ් වෙනුවන් විවිධ කරුණු හා විවිධ හේතු නිර්මාණය කරන බවය.

මෙයට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නා ලෙස තමන්ට බල කර සිටි බව වික්‍රමසිංහ ආණ්ඩුවේ අධිකරණ අැමැතිවරයා ම පාර්ලිෙම්න්තුව්දී ප්‍රකාශ කිරීම බව ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ සමග අාණ්ඩුවට විශාල වෛරයක් පවතින බව සඳහන් කල ඔහු එය ‘එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ බලපෑම මත පැමිණි වෛරයක්ද යන්න තමන් නොදන්නා බව පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අද (4) දිනයේත් රක්නා ලංකා සමාගම පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසමට පැමිණියාය.

ඊට අමතරව අද පෙරවරුවේ හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනෙකු වන අද්මිරාල් ජයන්ත කොළඹගේ සහ අද්මිරාල් ජයන්ත පෙරේරා ද කොමිසමට පැමිණි බව එහි ප්‍රකාශයකු සඳහන් කලාය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය ඊයේ පෙන්වා දුන්නේ එතුමාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශණයට ජනාධිපති කොමිසමට බලයක් නොමැති බවය. එහෙත් එම විරෝධතාව විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කලාය. ඉන්පසු ඊයේ දිනයේදී ද රක්නා ලංකා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනාගෙන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

අද කොමිසම හමුවීමෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍යට කළ ප්‍රකාශය මෙතනින් නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top