ගෝඨාට අත නොතබන ලෙස “පැවිදි හඬ” අවවාද කරයි !

ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගිනි අවි ආනයනය කිරීම, වලංගු බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළඟ තබා ගැනීම, එම වැරදි කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ හිටපු ආරක්ෂක ලේකම් සහ ඇවන්ගාඩ් සභාපති ඇතුළු පස් දෙනකුට එරෙහිව නඩු පැවරීමට සාධාරණ කරුණු ඇතැයි අතිරේක සෝලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට වාර්තාවක් මගින් නිර්දේශ කර ඇති බව 30වැනිදා මාධ්‍ය හරහා සැලවිය.

ඇවන්ගාඩ් සිද්ධිය මුල්කොට ගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පසු දෙනෙකු අත් අඩංගුවට ගැනිමට වර්තමාන රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු උත්සහ දරමින් සිටින බවත් එවැනි සිදුවිමක් සිදුවුවහොත් මහ සගරුවන පාරට බැසිමට සුදානම් බව පැවිදි හඬ සංවිධාන වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටි.

පසුගිය දින හිටපු නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ සිටියේ ඇවන්ගාඩ් සමාගම නීති විරෝධී ක්‍රියා නොකර ඇති බවය.
මීට අමතරව අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂ මහතා ඇවන්ගාඩ් සිද්දිය සම්බන්ධයෙන් ප්‍රකාශ කලේ පවතින රජයට සම්බන්ධ දේශපාලඥයින් තිදෙනෙකු ගෝඨාභය මහතා සමග පුද්ගලික තරහා ඇවන්ගාඩ් හරහා පිරිමහ ගැනීමට උත්සහ දරන බවත්, ගෝඨාභය මහතා කිසිදු වරදක් කර නැති බවත් එම නිසා තමා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාව අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවත්ය.

මේ මත භේදය නිසා විජයදාස රාජපක්ෂ මහතා, රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ ප.ච.රණවක මහතා අතර ප්‍රසිද්ධියේ සිදුවූ වාද විවාද ජන මාධ්‍ය තුලින් ද ප්‍රචාරය විය.
සම්පුර්ණ නිවේදනය කියවන්න

MonksAgainstGotaArrest

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top