කවුරු බාධා කළත් මහ මැතිවරණයට තරග වදින්නේ මහින්දගේ නායකත්වයෙන්

මොන බලවතකුගේ බලපෑම් පැමිණිය ද ඒවා කිසිවක් නොතකා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින්ම එළඹෙන මහ මැතිවරණයට තරග වැදිය යුතු යැයි ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, ලංකා කම්කරු කොංග‍්‍රසය, සිංහලයේ මහා සම්මත භූමිපුත‍්‍ර පක්‍ෂය, තමිල් මක්කල් විඩුතලයි පුලිගල් යන පක්‍ෂවල සාමාජිකයින් බහුතරය තීරණය කර ඇති බව අද ලක්දෙරණට වාර්තා වේ.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ශ්‍රීලනිප ප්‍රභලයෙක් කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන පක්‍ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයෝ සියල්ලම මේ මතයේ සිටිය ද එහි නායකත්වයට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊට දැඩි විරෝධයක් දක්වන හේතුවෙන් ඔවුනට තීරණයක් ගත නොහැකි පැමිණ ඇති බවයි.

පන නැගී ඇති ගැටළුව තවදුරටත් විග්‍රහ කරමින් ශ්‍රීලනිප ප්‍රභලයා කිවේ ‘‘පක්‍ෂයේ විනය කඩා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයකින් තරග වැද විධායක ජනාධිපති ධුරයට පත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නිත්‍යනුකූලව ශ‍්‍රී ලනිප නායකත්වයට පත්වීමට නොහැකියි. පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත් වන තැනැත්තාට පක්‍ෂ නායකත්වයට පත් විය හැකියි. හැබැයි ඔහු පක්‍ෂය නම් කරන ලද ජනාධිපති අපේක්‍ෂකයා විය යුතුයි”.

“ගියවර ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලනිපය නම් කළ ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ මිස මෛත‍්‍රීපාල සිරිසේන නොවෙයි. ඔහු තමන්ට ජනවාරි 09 වැනිදා ලැබුණු විධායක බලතල අයුතු ලෙස පාවිච්චි කරලා පක්‍ෂයේ නායකත්වය හා මධ්‍යම කාරක සභාවේ බලය ලබා ගත්තා. මේක රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වගේම අපේ පක්‍ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් අහිතකර ලෙස බලපා තිබෙනවා. රටම අවුල් ජාලයක් වීමටත් මේ ශ‍්‍රී ලනිප නායකත්වය පැහැර ගැනීම බලපා තියෙනවා. අද අපේ පක්‍ෂයේ නායකත්වය බලෙන් පැහැරගෙන පක්‍ෂය දියාරු කිරීමේ යූ.එන්.පී. කොන්ත‍්‍රාත්තුවයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉටු කරමින් ඉන්නේ. ඔහු සේවය කරන්නේ තමන්ට ජනාධිපති ධුරය ලබා ගැනීමට උදව් කළ එජාපය ඇතුළු විජාතික බලවේගවලට මිස ශ‍්‍රී ලනිපයට නොවෙයි. මේ තත්ත්වයට අපි ළගදීම හොඳ උත්තරයක් දෙනවා”.

“මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියනවානේ එයා බලලෝභියකු නොවෙයි කියලා. එහෙම නම් එයාට තියෙන්නේ තමන්ට නිත්‍යනුකූලව හිමි නැති එජනිස නායකත්වය හා ශ‍්‍රී ලනිප නායකත්වය අත්හරින එකයි. මේ මතයේ තමයි අපේ පක්‍ෂයට ආදරය කරන සියලු පිරිස් ඉන්නේ.’’ යැයි ශ්‍රීලනිප ප්‍රභලයා අද ලක්දෙරණට පැවසුවාය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top