“ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ” -ලොහාන් හා අලුත්ගමගේ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹට සංවිධානයකර තිබු විරෝධාතා පා ගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙස මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය අද (27.7) නියෝග කර ඇත.

මහනුවර පොලීසිය අධිකරණයේ පිහිට පතා ඇත්තේ විරෝධතා පා ගමනට සමගාමිව ඇමති කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන බැවින් දෙපක්ෂය අතර ගැටුමක් ඇති විය හැති බව ප්‍රකාශ කරමිනි.

පොලිසියේ ඉල්ලීම සලකා බැලු මහනුවර මහේස්ත්‍රාත් බුද්‍ධික සී රාගල මහතා අධිකරණ නියෝගයක් ප්‍රකාශ කරමින් පැවසුයේ:

01.ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති පා ගමන මහනුවර නගර සීමාව තුළ නොකරන ලෙසත් නමුත් මහනුවර නගර සීමාවෙන් පිටතින් ආරම්භ කිරීමට බාධාවක් නොමැති බවත්ය.

02.එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමට නියමිත සාමාජිකයින් බඳවාගැනීමේ වැඩසටහන ප.ව 2.00 න් පසුව මහනුවර නගරවාසීන්ට හා මහනුවර නගරය හරහා ගමන්කරන යට බාධාවක් නොවන පරිදි ආරම්භ කල යුතු බවය.

එම අධිකරණ තීන්දුවට ගරු කරමින් නගරයෙන් පිටතින් සිට විරෝධතා පා ගමන ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසන අතර අධිකරණයෙන් ලබාදී ඇති තීන්දුව වන්නේ අදාළ පාදයාත්‍රාව මහනුවර නගරසීමාව තුලින් ආරම්භ නොකළ යුතු බව යයිද, එහෙත් දළදා වහන්සේ වැඳ පුදාගැනීමට කිසිවෙකුටත් බාධාවක් නොමැති බව රත්වත්තේ මහතා තව දුරටත් කියා සිටියි.

ඒ අනුව අධිකරණ නියෝගයේ පැවසෙන්නේ තමාට, මහින්දානන්ද අලුත්ගමගේට‍, කෙහෙළිය රඹුක්වැල්ලට, දිලුම් අමුණුගම යන සිව්දෙනාට පාගමන නුවරින් ආරම්භ නොකිරීමට බැවින් තමන් ඇතුළු සිව්දෙනා හැර සහභාගිවන අන් සියලුම දෙනාට මහනුවරට පැමිණ දළදා වැඳ පුදා, අනතුරුව ගැටඹේ විහාරස්ථානය අසළට පැමිණිමට තහනමක් නැති රත්වත්තේ මන්ත්‍රීවරයා පැවසිය.

ඒකාබද්ධ විපක්ෂයට මෙන්ම මෙදින ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා සංවිධානය කරන එජාප ප්‍රවර්ධන වැඩපිළිවෙලද සවස 2.00 වනතුරු නොපවත්වන ලෙස අධිකරණ නියෝගයක් දී ඇති බව රත්වත්තේ මහතා පෙන්වා දුන්නාය.

මේ අතර මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය පිළිබඳව අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේ සංවිධානය කර ඇති පරිදි උදෑසන 9.00ට පාගමන ආරම්භ කරන බවය.

අධිකරණයට මාවනැල්ල පොලීසිය දන්වා ඇත්තේ මාවනැල්ල නගරයට අගමැති වික්‍රමසිංහ හා ජනාධිපති සිරිසේන පැමිණෙන නිසා විරුද්ධවාදී පාක්ෂික කණ්ඩායම් අතර ගැටුම් ඇති විය හැකි බවය.
එහිදී මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව වී ඇත්තේ පා ගමන යාමට බාධාවක් නැති අතර ඒකාබද්ද විපක්‍ෂයට මාවනැල්ල නගරය තුල රැස්වීමක් නොපවත්වන ලෙසය.

මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට ගරු කරමින් මාවනැල්ල නගර සීමාව මග හැර විකල්ප මාර්ග ඔස්සේ පාදයාත්‍රාව ගමන් කිරීමේ හැකියාව පවතින බව අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවාය.

වීඩියෝ: ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ

වීඩියෝ මුලාශ්‍රය දෙරණ නාළිකාව

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top