ඒකාබද්ධ විපක්ෂය මාධ්‍යවේදීන් වෙනුවෙන් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28)පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවේචනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව අද (29) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදීත් මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් පැවසුවාය..

අගමැතිවරයාට ‘මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්‘ ප්‍රතිපත්ති මාලාව අමතකව ඇති බවද තෙරුවන් නමදින ආකාරය මතක තිබුණේ නිතර කියැවෙන නිසා බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිතර කියවා මතකයේ තබාගත යුතු බවද උදය ගම්මන්පිල මහතා එහිදී කීවේය.

ඊයේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,නිදහස් මාධ්‍යවේදින්ගේ සංගමය,බටහිර රටවල හා ශ්‍රීලනිපයේ මතය කුමක්ද යන්න රටට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විරෝධය පළ කරන බව ඩලස් අලහප්පෙරුම මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශකර සිටියේය.
තවදුරටත් කරුණු දක්වමින් ඒ මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු බවත්, මෙය මාධ්‍යවේදීන් බිය වැද්දීමට තැත් කිරීමක් බවත් එම ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාට සහ සීයාට කරන නිගාවක් බවද ඒ මහතා පැවසීය.

තොරතුරු දැන ගැනීමේ පනත තුළින් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට මූලික වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම තරයේ හෙළාදකින බවද ඒ මහතා ප්‍රකාශ කළේය. “අපේ කාලයේත් මාධ්‍ය‍වලට වෙච්ච දේ අපි දන්නවා අර දේශපාලන පිසාචයෙක් රූපවාහිනියට කළ දේ අපි දන්නවා” යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ගම්මන්පිල සහ අපහප්පෙරුම මහතුන් ගේ ප්‍රකාශ නරඹන්න

මුලාශ්‍රය: දෙරණ නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top