එජාපය මැතිවරණයට තනිව ඉදිරිපත් වෙයි (වීඩියෝ සහිතයි)

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරඟ කරන බවටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයා ලෙස නාම යෝජනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ බලය ලබාදීමටත් එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල සහ අකිල කාරියවසම් යන මන්ත්‍රීවරු දේපල සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් මේ බව සඳහන් කළහ.

මහමැතිවරණයට පෙර පක්ෂ සම්මේලනයක් පැවැත්වීමද තීරණය කර ඇති බව ඔවුන් දෙදෙනා පැවසූ අතර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පාර්ලිමේන්තුවට දාර දී ඇති විශ්වාසභංග යෝජනාවන් ඉදිරි දින කිහිපය තුළ ඉල්ලා අස්කරගනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔවුන් දෙපළ කියා සිටියහ.

මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මාධ්‍යට කල ප්‍රකාශය

වීඩියෝ මුලාශ්‍රය: දෙරණ රුපවාහිනි නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top