එජාපය මනූෂ නානායක්කාර ට මඩ ගසයි (විඩියෝ සමග)

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ ඉදිරියට යන ගමන මොන මඩ ප්‍රහාර එල්ල කළත් වැලැක්විය නොහැකි බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බලය පාවිච්චි කර එජාපයට හිතවත් වෙබ් අඩවි ක්‍රියාකාරීන් පිරිසකට විපක්ෂයේ අයට මඩ ගැසීමට උපදෙස් ලබා දී ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
තමා එජාපයට එක්වීමට සූදානම් බවට පැතිර යන ප්‍රවෘත්තිය පිළිබඳ අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර ඇත.
මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයට මඩ ගහනවා වගේම ඒ කඳවුරේ ඉදිරියෙන්ම ඉන්න අයට මඩ ගසන ඉලක්කයක් අගමැතිවරයා වෙබ් අඩවි ක්‍රියාකාරීන්ට ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top