ඇගිල්ලේ තරමට ඉදිමෙන්න – බලය සදාකාලික නැත

අද මෛත්‍රීපාල සහ රනිල්ගේ හවුල් ආණ්ඩුව කරන කියන දෑ අනුව ඔවුන්ට කීමට යමක් තිබේ. එනම් බලය සදාකාලික නැත යන්නයි. මෙරට 30 වසරක යුද්ධයක් නිමා කරපු , රටේ සැලකිය යුතු සංවර්ධනයක් කරපු පරාජය කළ නොහැකියි කියපු මහින්ද රාජපක්ෂත් පරාජය වුයේ නම් මෙරට කිසිම ජන පදනමක් නැති මෛත්‍රීපාල වැඩ පෙන්නද්දී අන් කාටත් වඩා පරිස්සම් විය යුතුය. ඔහුට ලැබුන හැට දෙලක්ෂයේ චන්ද ප්‍රමාණය එජාප ඡන්ද, TNA ඡන්ද, මුස්ලිම් චන්ද, ජවිපෙ ඡන්ද, ආදී වශයෙන් වෙන් කළ කල්හි මෛත්‍රීපාලගේ ජනපදනම කොපමණ ද යන්න ළදරුවෙක් නොවන ඕනෑම කෙනෙකුට අවබෝධ කරගැනීමට පහසුය. ඔහුටම කියා ජන පදනමක් ඇත්නම් ඒ පොළොන්නරුවෙන් ඔහුගේ ආසනයේ ඔහුට ඇති ජන පදනම පමණි. එහෙත් මේ දිස්ත්‍රිකයෙන්ද මෛත්‍රීට එරෙහිව මහින්දට චන්ද 105,640ක් ලැබුනේය. එය ප්‍රතිශතයක් ලෙස 41.27%කි . පොදුවේ හංසයාට ලැබුණේ 147,974 කි.(57.80%කි .) මෙයින්ද එජාප ඡන්ද ඉවත් කළ විට මෛත්‍රී යනු කිසි ශක්තියක් නැති පරැඩල් පතක් පමණි. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්දට ලැබුණ 47.80% රටේ සමස්ත ඡන්ද ප්‍රතිශතය හංසයාට ලැබුන 51.28% මෙන් එජාප , ජවිපෙ ,TNA,මුස්ලිම් කියා කොටස් කළ නොහැකිය. මන්ද එම ඡන්ද ප්‍රමාණය ලැබුනේ වැඩිමනක් මහින්ද කියන පුද්ගල සාධකයටය. සුළු ජනපදනමක් ඇති වමේ පක්ෂ කිහිපයක සහය මහින්දටද ලැබුනා කියා එම ජනපදනමෙන් විශාල පදාසයක් ගලවා ඉවත් කළ නොහැකිය. මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බලෙන් අල්ල්ලන් හිටියා කියා එම පාක්ෂිකයන් ඔහුට නැත. එනිසා දැනට තිබෙන එජාප මෛත්‍රී හවුල කුමන හෝ අයුරකින් විභේදනයක් සිදුවුවහොත් හුළං බැසයන මෛත්‍රීගේ පස්ස එදාට බිම ඇනෙණු ඇත. එවිට මෛත්‍රීට සිදුවන්නේ විරුද්ධ පාක්ෂිකයන්ගේ දේශපාලන පලිගැනීම් වලට ලක්වීමට පෙරම සිය ශ්‍රී ලංකා පාක්ෂිකයන්ගෙන් ගුටි කෑමටය.

ව්‍යවස්ථාපිත නෛතික රාමුවට එපිටින් මුල්‍ය අපරාධ කොට්ටාශ කියා දඩයම් ඒකක පිහිටුවා රනිල්ද මේ කරන වැඩ ගැන දෙවරක් සිතිය යුත්තේ බලය ඔහුටද සදාකාලික දෙයක් නොවන නිසාය. මෛත්‍රී නම් ආප්ප කා යනතුරු මහින්ද නොදැන සිටියේය. එහෙත් රනිල් පැන්නීමට ප්‍රසිද්ධියේ කැරලි ගැසූ පිරිසක් එජාපයේ තාමත් කැරැල්ල යටපත් කොටගෙන සිටී. රණවිරුවන් හිරේ දමමින්, උතුරට ෆෙඩරල් විසදුම් දීමට කැසකවමින්, සිංහල බෞද්ධ සංස්කෘතියට තිබු ප්‍රමුඛත්වය අහිමිකරමින්, පමණ ඉක්මවා බටහිර ගැතිවෙමින් 30 වසරක ත්‍රස්තවාදය පරදා දිනාගත් ජයග්‍රහණ පාවා දෙමින් මේ යන ගමනේ කොතැනක දී හෝ රනිල් සමග අප්ප කා සජිත් පිල එළියට බැස්සොත් සිරිසේනට හා රනිල්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පවා ඔහුට ඡන්ද දී මෛත්‍රී රනිල් පරාජය කරනු නොඅනුමානය. තමාට කරන කෙනෙහිලිකම් නො ඉවසන මහින්ද රාජපක්ෂ පවා එදාට දක්නට ඇත්තේ මෛත්‍රී රනිල් ට එරෙහි වේදිකාවකය. එදාට සිදුවන්නේ අද රනිල් අටවා තිබෙන FCID උගුල්වල තමන්ටම දඩයම වීමටය. ඒ සඳහා මහබැංකු වංචාව පමණක් වුව ප්‍රමාණවත් වේ. දේශපාලනයේ දී විය නොහැකි දෙයක් නැත. හදිසියේ මෛත්‍රීපාල හා එජාපය අතර විභේදනයක් ඇති වුවත් මෛත්‍රී පොදුවේ රටට හා පක්ෂයටත් ත්‍රස්තවාදය අවසන් කළ නායකයන්ට හා රණවිරුවන්ටත් එරෙහිව කරන ද්‍රෝහී වැඩවලට කුපිතව ගඩාෆි මෙන් කාණුපල්ලේ ඇදගෙන ගියත් ඊට විරුද්ධව පෙරට ඒමට ඔහුට ජන බලයක් නැත. මොන දේටත් මෙන් සුපුරුදු විරෝධය දැක්වා ඔහු වෙනුවෙන් එදාටද පෙනී සිටිනු ඇත්තේ NGO සට්ටඹීයන් කිහිප දෙනෙක් පමණි. එයත් ඔහුට ඇති ආදරයකට නොව (ඩොලර් කීපයක් ) ගතමනාවක් උපයා ගැනීම පිණිසය.

රතනදෙණියේ මේධානන්ද හිමි

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top