“ආණ්ඩුවෙන් එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන්නේ දේශපාලන වාසියටයි” – ගෝඨාභය

නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුයේ රට තුළ පොලිස් රාජ්‍යක් බිහිකෙරෙ මින් යන බවය.

රාජපක්ෂ මහතා තව දුරටත් පැවසුයේ පසුගිය රජයේ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවත් බෙදුම්වාදී යුද්ධයෙන් පසු යුද සමයේදී එල්.ටී.ටී.ඊ සැකකරුවන් 200 පමණ අත්අඩංගුවට ගෙන බූස්ස කඳවුරේ රඳවා ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකළ බවත් ඔහු සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වුයේ ඔවුන්ට යම් යම් ඉලක්ක ලබාදී තිබුණු බවත්, එම ඉලක්කයන් සම්පූර්ණ කරනතුරු ඔවුන් තම අදහස් වෙනස් කිරීමට අකමැති බව ප්‍රකාශ කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙම සැකකරුවන් අතර සිටි මොරිස් සහ ගිරි යනුවෙන් හඳුන්වන දෙදෙනනා කොළඹ සිදුවුණු ත්‍රස්තවාදී පහරදීම් සහ කටයුතු වෙනුවෙන් සෑහෙන කාර්යභාරයක් ඉටුකර ඇති බවත්, විශේෂයෙන්ම හිටපු යුද හමුදාපතිවරයාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ප්‍රහාරකයා කැටුව ගියේද මොරිස් විසින් බව මෙහිදී මාධ්‍යට හෙළිකළේය.

පටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මොවුන් නිදහස් කරන බවත් මෙවැනි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒ කාලයේදී කෙතරම් වෙහෙසක් දරන්නට සිදුවුණිද යන්න දැන් තීරණ ගන්නා පුද්ගලයින් කිසිදු අවධානයක් යොමු නොකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top