“අවුරුදු 2-3 කින් කින් මේ රට දෙකට තුනට කැ‍ඩෙනවා” – පුජ්‍ය මැද‍ගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ සහිතයි)

අද(15)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පුජ්‍ය මැද‍ගොඩ අභයතිස්ස හිමි පැවසුවේ උතුරේ හමුදා කඳවුරු ඉවත්කර‍ගෙන යන බවත්, හමුදාවේ ශක්තිය හා බලය අඩුකරමින් ඇති බවත් එහි ප්‍රතිපලයක් ලෙස තව අවුරුදු දෙක තුනක් යන විට රට දෙකට තුනට කැඩෙනු ඇති බවය.

උතුරේ සිටින්නේ යුද අපරාධකරුවන් යයි මහඇමති විග්නේශ්වරන් පවසන බවත්, එල්.ටී.ටී.ඊ යටතේ මීට වඩා ආරක්ෂාවක් තිබුණු බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පවසන බවත්, මේ රට සිංහලයින්ගේ යැයි කියන්නේ කවුරුන්දැයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රශ්න කරන බවත්, උතුරේ හමුදාව හරහා මත්ජාවරම් කරන බවට චෝදනා එල්ල කරන බවත්, අභයතිස්ස හිමියන් මාධ්‍යට මතක් කර දුන්නේය.
තවද ජාතික කොඩිය වෙනස් කොට උත්සව අවස්ථාවන්හි භාවිතා කිරීම සඳහා යෝජිත වෙනස් කොඩියක් කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවත්, එක භාෂාවකින් ගායනා කළ ජාතික ගීය මේවන විට භාෂා දෙකකින් ගායනා කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

මෙලෙස රට අනතුරකට මුහුණපා සිටින අත්‍යාවශයම මොහොතක රටට ආශිර්වාද පතා ජය පිරිත් සජ්ජායනාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එම සජ්ජායනාව එළඹෙන ජූනි මස 27 වන දින සවස 5.00 ට පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේදී එය පැවැත්වෙන බව ස්වාමින් වහන්සේ කියා සිටියේය.

30 වසරක ශාපලත් යුද්ධය නිමා කර රටට සාමය දිනා දුන් යුද්ධයේ අවසාන අදියර තුළ ඇතිවුණු යම් යම් ගැටළුකාරී තත්ත්වයන් හිඳී ඊට නොබියව මුහුණදීම සඳහා ආශිර්වාද කරමින් එකල භික්ෂුන් වහන්සේලා 5000 ක් සහභාගිකරවාගෙන ජය පිරිත් සජ්ජායනාවක් කළ බව අභයතිස්ස හිමියන් සිහිපත් කළේය.

ඒ අනුව රටේ කාලීන අවශ්‍යතාවය මත මෙවර ද 8 වෙනි වරට මෙම ජය පිරිත් සජ්ජායනාව සංවිධානය කර ඇති බව උන්වහන්සේ තව දුරටත් කියා සිටියේය.

පුජ්‍ය මැද‍ගොඩ අභයතිස්ස හිමියන්ගේ මාධ්‍ය හමුව නරඹන්න


වීඩියෝ මුලාශ්‍රය: දෙරණ රුපවාහිනි නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top