“අලුත් පක්ෂයකට හොඳම අවස්ථාවයි” – ගෝඨාභය (වීඩියෝ සමග)

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් අදට (26) යෙදුණු දානමය පිංකමට සහභාගිවෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් ජනතා සිතුම් පැතුම් අනුව මේ මොහොත අලුත් පක්ෂයක් සෑදීම සඳහා හොඳම අවස්ථාව පැමිණ ඇති බවයි.
තමන් ඇතුළු පිරිස් කැපවීමෙන් කටයුතු කළ මිනිසුන් බැවින් අලුත් පක්ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලීම් ලැබෙන බව එතුමා තව දුරටත් පැවසුවාය.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ආණ්ඩුව පත්කිරීමට සහයෝගය දුන් අයෙකු බැවින් සහ ඔහු ඇතුලත් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් විරුද්ධ පාර්ශවයේ මතය නියෝජනය නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය. එම නිසා අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැඟීමේ කාලීන අවශ්‍යතාවය පවතින බවත්, පක්ෂය ගොඩනැඟීමෙන් අනතුරුව නායකත්වය තෝරාගත හැකි බවත් තමන් සිටියේ නැතිනම් තාමත් යුද්ධය පවතින බවත්, එසේ වූයේ නම් එෆ්.සී.අයි.ඩී වැනි ආයතනයන්ට යාමට අවශ්‍යතාවයක් නැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශය

මුලාශ්‍රය: දෙරණ නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top