අරලිය ගහ මැදුර කුමන්ත‍්‍රණයේ ප‍්‍රගතිය අද කෝ..? ගම්මන්පිළ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ ඇමති මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ තමන් පසුගිය ජනවාරි 09 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය රැක ගැනීමට උත්සාහ කලේ යැයි කියා විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් 2015 ජනවාරි 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල පැමිණිල්ලේ විමසීමකට ඊයේ පළාත් සභා මන්ත‍්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

එහි ගිය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල සම්බන්දව මෙකෙත් සිදුකල විමර්ශනයෙන් සොයා ගත් කරුණු වහාම රටට හෙලි කරන මෙන් පොලිස්පතිතුමාගෙන්ද ඉල්ලා සිටි අතර ඉන්පසු මාධ්‍ය හමුවේ මෙසේ පැවසිය.
“මේ දිනවල නිවසයි කාර්යාලයි ගාවට වැඩිපුරම අපි ගැවසෙන තැන බවට රහස් පොලිසිය පත්වෙලා අද ජාතික හැදුනුම්පත ඉල්ලද්දි මම ඒ අයගෙන් ඉල්ලුවා අර බස් එකේ යන කොට දෙන වාර ප්‍රවේශපත්‍රය වගේ මසේටම එක පාරටම අපිට හැනුම්පතක් නිකුත් කරන්න කියලා මොකද උදේත් රහස් පොලිසියට ආවා දැනුත් ආවා හවස් වෙනකොට අයේ එන්න වෙයිද අපි දන්නෙත් නැ. කොහොම නමුත් මේ අණ්ඩුව අපේ රටේ පොලිසිය කොළ පාට පොලිසියක් බවට පත් කරලා තියෙනවා ඉතින් අපි නුදුරු අනාගතේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අපි මේ කොළ වර්ණ පොලිසිය නිර්වර්ණ කරන්න අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පසු ගිය 15 වසර තුළ පුර්ණ කාලිනව දේශපාලනයේ යෙදිලා කිසිම දවසක කිසිම පොලිසියකට කුමන හො බලපැමක් නොකරපු පුද්ගලයෙක් වගේ අනාගතේ අපේ ආණ්ඩුවක් යටතේ නිර්වර්ණ පොලිසයක් පිහිටුවනවා කියන සහතිකය ලබා දෙනවා. ඒ වගේම අද අපි ආවේ ජනවාරි මසේ 14 වන දා මංගල සමරවිර විදේශ ඇමතිතුමා කලින් දවසේ රැ දැක්ක හිනයක් මත පදනම් වෙලා ඇවිත් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කලා ජනවාරි මසේ 09 වන දින උදැසන අරලියගහ මන්දිරයේ දී හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය රැක ගැනීමට උත්සාහ කලේ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ ඇමති මහචාර්ය ජී එල් පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂතුමාත් මමත් යෙදුනාය කියලා. ඒ අනුව හරියටම මිට මාස 4කට කලින් මාව රහස් පොලිසිය ගෙනල්ලා ප්‍රශ්න කලා මංගල සමරවිර ඇමතිතුමා තමන්ගේ පැමිණිල්ල ගෙනල්ලා කියනවා ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසා කඩිනමින් මේ පිළිබදව විමර්ශනය කරන්න කියලා. හැබැයි තවමත් විමර්ශන වල ප්‍රගතිය රටට කියන්නට රහස් පොලිසියට බැරි වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව හිතනවා ඇත්තටම ජනවාරි මසේ 09 වන දින උදැසන හමුදා කුමන්ත්‍රණයක් සිද්ද වෙන්න ගියා කියලා. අර අහිංසක ජනතා විමුක්ති පෙරමුනේ හිටපු නායකතුමා සෝමවංශ අමරසිංහ මැතිතුමා මැයි මාසේ 01 දින නිදහස් චතුරස්‍රරයේ දී උපවාසයක් අරම්භ කලා මේ හමුදා කුමන්ත්‍රණය චොදනාව පිලිබද විදිමති පරික්ෂණය කඩිනම් කරන්න කියලා. ඒ නිසා මේ මංගල සමරවිර විදේශ ඇමතිතුමා දැක්ක දවල් හිනය නිසා අපේ කිර්තිනාමය පළදුවේලා තියෙනවා. අපි කුමන්ත්‍රණ කාරයෝ බවට පත්වෙලා තියෙනවා. මේ විමර්ශන වලින් හෙලිවෙලා තියෙනවා කිසිම හමුදා කුමන්ත්‍රණය සිදුවුනේ නැ කියලා. ඒ නිසා මංගල සමරවිර ඇමතිතුමා ආත්ම ගරුත්වය බේරලා අපිව කුමන්ත්‍රණකරුවන් බවට පත් කරලා මේ තොරතුරු රටට හෙලි නොකොට රහස් පොලිසිය පක්ෂක්ග්‍රහිව කටයුතු කරනවා. ඒ නිසා අද අපි පොලිස්පතිතුමාටත් රහස් පොලිසිය භාර නියෝජ්ය පොලිස්පතිතුමාටත් ලිඛ්තව දැනුවත් කලා ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසාත් අපගේ ආත්ම ගරුත්වය හා කිර්තිනාමය පිළිබද ප්‍රශ්නයක් නිසාත් රටේ විශාල පිරිසක් කුමන්ත්‍රණයක් සිදුවු බව විශ්වාස කරන නිසාත් කඩිනමින් මේ විමර්ශන පිළිබද විස්තර රටට කියන්න කියලා. ඒ වගේම පොලිසිය තවදුරටත් පක්ෂක්ග්‍රහි වෙලා නිදා වැටුනොත් අපි අභියාචනාදි කරනයට ගිහින් මේ විමර්ශන ප්‍රතිඵල රටට කියන්න කියලා රිට් නියෝගයක් අපි ලබා ගන්නවා. අමතක කරන්න එපා තොරතුරු දැන ගැනිමේ අයිතිය දැන් මුලිඛ අයිතිවාසිකමක් වෙලා තියෙනවා. ඒ අයිතිය යටතේ පළමු නඩුව අපි ගොනු කරමින් මේ විමර්ශනය පිළිබද තොරතුරු රටට හෙලි කරන්න කියලා අපි අපගේ බහුතරය සම්මත කරලා දුන්න 19 තියෙන තොරතුරු දැන ගැනිමේ අයිතිය අපි හපුරා කියලා අපි භාවිතා කලා. අපිට ඒ තොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලිමක් කලා. ඒ අපගේ මූලික අයිතිවාසිකමට ගරු කරමින් ඒ තොරතුරු රටට හෙලි කළේ නැත්නම් අපි ලැස්තියි පොලිසියට එරෙහිව උසාවියට යන්න. විමර්ශනයක තොරතුරු ඉල්ලා පොලිසියට ඉදිරිපත් කළ පළමු ලිපිය ඒ වගේම මෙය තොරතුරු දැන ගැනිම කියන මූලික අයිතිවාසිකම යටතේ ඉදිරිපත් කළ පලමු ලිපිය වගේම මේ ලිපියට පිළිතුරු නොදක්වා අපගේ අයිතිවාසිකම් කඩ කළ හොත් අපි එම මූලික අයිතිවාසිකම හපුරා කියලා භාවිතා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩ කිරිමේ නඩුවක් ගොනු කරන්න ලැස්තියි” යයි ගම්මන්පිල මහතා පැවසිය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top