“අපගේ දේශසීමාව තුළ ඕනෑම ස්ථානයක අපට න්‍යෂ්ටික අවි රැඳවීය හැකියි” – රුසියාව

රුසියාවට අවශ්‍යවයක් ඇතිවුවහොත් එරටේ දේශසීමාව ඇතුලත ඕනෑම ස්ථානයක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සම්පූර්ණ අයිතිය ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත.

යුක්රේන විදේශ ඇමති පැව්ලෝ ක්ලිම්කින් පසුගියදා පවසන ලද්දේ රුසියාව විසින් ක‍්‍රිමියාවේ අවි රැඳවීම න්‍යෂ්ටික අවිහරණ ප‍්‍රඥප්තිය උල්ලංඝනය කරන බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන එවැනි හැසිරීමකදී ජාත්‍යන්තර ප‍්‍රජාව තීරණාත්මක අයුරින් මැදිහත්විය යුතු බවය.
යුක්රේන විදේශ ඇමතිගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් රුසියානු න්‍යෂ්ටික අවිහරණ හා අවි පාලන අමාත්‍යාංශයට අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක මීහායිල් උල්යානොව් පවසාන්නේ ක‍්‍රිමියානු අර්ධද්වීපය තුළ වුවද න්‍යෂ්ටික අවි රැුඳවීමේ අයිතිය රුසියාව සතු බවය.

රුසියානු විදේශ අමාත්‍යාංශ නිලධාරියා පවසාන්නේ ඇමරිකාව විසින් සිය මිසයිල ආරක්‍ෂණ සැලසුම් පියවරෙන් පියවර ඉදිරියට ගෙන යාම නිසා න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ උත්සහයන්ද බිඳ වැටී ඇති බවයි.

ඇමරිකානු අවි පද්ධතිය රුසියාවේ න්‍යෂ්ටික බලය ඉලක්ක කරගත්තක් නොවන බවට සිදුකෙරුණු වාචික ප‍්‍රකාශයන් ලිඛිත එකගතාවයක් බවට පත්කිරීමට කළ ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කර ඇති බවත් රුසියාවේ අනුමැතිය සහිතව හෝ රහිතව ඇමරිකාව විසින් එය ඉදිකරන බව අවධාරණය කළ බවත් උල්යානොව් පවසා තිබේ.

උල්යානොව් වැඩිදුරටත් පවසන්නේ නයෂ්ටික අවි අඩු කිරීම ඇමරිකාවට අවශ්‍ය නොවන බවයි. නයෂ්ටික අවිහරණ ප‍්‍රඥප්තීන් පවත්වාගෙන යාම ඇමරිකාව විසින් බාධාවක් ලෙස සලකන බවද ඔහුගේ මතයයි.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top