අනුර සුසිල් ශ්‍රීලනිප යෙන් පන්නන්න මෛත්‍රි පිලෙන් මෙහෙයුමක්

දේශපාලන ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ල නි ප යේ සහ එජනිස යේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් අද හෙටම සිදුවීමට නියමිත බව වාර්තා වේ. එම වාර්තා අනුව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ල නි ප යේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවට පත්වීමටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙනුවට එස්.බී. දිසානායක මහතාත්, රාජිත සේනාරත්න මහතා ශ්‍රී ල නි ප යේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙනුවට ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට යන බව මෙම දේශපාලන ආරංචි මාර්ග තව දුරටත් වාර්තා කරයි.

මෙම වෙනස්කිරීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වන ආකාරයෙන් කටයුතු කිරීම නිසා බව තව දුරටත් වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තම බල තල පාවිච්චි කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ඉදිරියේදී පත් කිරීමට යයි. ශ්‍රී ල නි ප යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනකු බඳවා ගැනීමට බලය තිබේ. මේ සම්භන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විජේරාම මාවතේ පිහිටි ජනාධිපති නිවෙසේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top